කොරෝනා වෛරසය එරෙහි වැඩපිළිවෙළට රටේ සියලු පුරවැසියන් සහය දැක්විය යුතුයි (වීඩියෝ)

මාර් 30, 2020
  • කොරෝනා වෛරසය රටෙන් තුරන් කිරීමට රජය හා සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළට රටේ සියලු පුරවැසියන් සහය දැක්විය යුතු බව, මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් පවසයි.

    ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

    පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි - අනුනායක - මල්වතු පාර්ශවය
    “ මේක ජාතික විපතක්. කෙටි කාලයකින් මේක අවසන් කරගන්න ඕනේ. සෑහෙන පාලනයක් කරගෙන සිටියා. එය ව්‍යාකූල වුණේ ජනතාවගේ වැරදි හැසිරිම් නිසා. කෙලින්ම මහජනතාවට ඒක ඇගිල්ල දික්කරලා කියන්න පුලුවන්. බත් ටිකක් කාලා, කැඳ ටිකක් බීලා ඉන්න ඕනේ දුෂ්කර අවස්ථාවලදී. විශාල වගකීමක් තියෙනවා ඒක මහජනතාව ඉෂ්ඨ කරන්න ඕනේ.

    පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි - අනුනායක - අස්ගිරි පාර්ශවය
    “තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න කියලා, ඊට වඩා රෝගීන් බහුල කරගන්නවා නම් රටකට බලපාන්නේ නැති විශාල ගැටලුවක්. ඒ නිසා ශ්‍රී ලංකා වැසියන් බොහොම කාරුණික වෙන්න ඕනේ. තමන් ගැන හිතනවා වගේම පොදුවේ රට ගැන හිතන්න ඕනේ. අනුන් ගැනත් හිතන්න ඕනේ. මේවා අර්ථවත් වෙන්න ජනතාව ආචාරශිලි වෙන්න ඕනේ. ඒ කරුණු කාරණා ගැන සැලකිසිමත් වෙන්න ඕනේ. එහෙම නැතිවුනොත් මේ රටට මහා ව්‍යසනයක් වෙන්න පුලුවන්.

    Latest News