පාස්කු ඉරිදා අදයි

අප්‍රේ 12, 2020

    ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරිදා අදයි.

    මහ සිකුරාදා දින මරණයට පත් වූ ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උත්ථානය වූයේ අද වැනි දිනකයි. උන්වහන්සේගේ උත්ථානය කිතුණු ඇඳහිල්ලේ පදනමයි. මානව වර්ගයා පාපයෙන් ගැලවීමේ උත්තම චේතනාවෙන් කුරුසය මත අපමණ දුක් විඳ මරණයට පත්වීමෙන් පසු ජේසුස් වහන්සේගේ සිරුර ගුහාවක තැන්පත් කළ බව කිතුණු ඉතිහාසයේ සඳහන්. ඉන් පසු එළඹුණු පළමු ඉරිදා දිනයේ ඒ වෙත පැමිණි පිරිස දැක ඇත්තේ, උන් වහන්සේගේ සිරුර ගුහාවේ නැති බවයි. එහි තිබී හමුවූ බව කියන ජේසුස් වහන්සේගේ සිරුරෙන් ගැලූ රුධිරය සහිත සුදු රෙදිකඩ කිතුණුවන්ගේ පූජනීය සංකේතයක් ලෙස සැලකේ. යළි උත්ථානය වූ ජේසුස් වහන්සේ අපෝස්තලුවරුන්ට දර්ශනය වී තිබේ, “පාස්කු” යන්නෙහි අරුත එතෙරවීම යන්නයි. ගින්දර සහ ජලය ආසිරි ගැන්වීම මෙහිදී සිදු කෙරෙන ප්‍රධාන චාරිත්‍රයයි.

    බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී ප්‍රධාන පාස්කු දේව මෙහෙය ඊයේ රාත්‍රී පැවැත්විණ. ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. පවතින වසංගත තත්වයත් සමඟ කිතුණු බැතිමතුන් පාස්කු දේව මෙහෙය සඳහා තම නිවෙස්වල සිට සහභාගිවීම මෙවර විශේෂත්වයකි.

    Last modified on ඉරිදා, 12 අප්‍රේල් 2020 18:03

    Latest News