ජනාධිපතිතුමාගේ පාස්කු දින පණිවුඩය

අප්‍රේ 12, 2020

    පාස්කු ඉරිදා වෙනුවෙන් ජනාධිපතිතුමා සුභපැතුම් එක්කර තිබේ.

    ජීවමාන දේව පුත්‍රයාගේ සහ පියාණන්ගේ දිව්‍ය මහිමයෙන් දුකට පත් සියලු ජනතාවට අස්වැසිල්ලක් අත්වනු දැකීම සියලු කිතුණු බැතිමතුන්ගේ අපේක්‍ෂාව බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. පාස්කු දින මංගල්‍යය කිතුණු බැතිමතුන්ගේ සොඳුරු ආගමික මතකයක්. එහෙත්, පසුගිය වසර ඉතා වේදනාත්මක එකක් බවට පත්වූ අතර, අදටද එහි කම්පනය මැකී ගොස් නැහැ. රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටුකිරීම බව පෙන්වා දෙන ජනාධිපතිතුමා, එවන් සිදුවීම් මාතෘභූමියෙන් තුරන් කිරීමට ද තම රජය දැඩිව වගබලා ගන්නා බව අවධාරණය කරයි. එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රටත් ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජයේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව නිවෙස්වල සිට ජේසු සමිදාණන් වෙනුවෙන් කැපවනු දැකීම රජයේ අපේක්‍ෂාව බවයි.

    Latest News