සෞඛ්‍ය වර්ජනය අදත්

පෙබ 14, 2024
    සෞඛ්ය සේවාව අත්යවශ්ය සේවාවක් ලෙස ප්රකාශයට පත් කළද අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත් නොමැති බව වෘත්තීය සමිති පවසනවා.

    සෞඛ්ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වර්ජනය අද (14) දිනයේත් ක්රියාත්මක වන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.

    වෛද්යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 6.30ට වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කළේය.
     
    මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබු අතර ත්රිවිධ හමුදාවේ සහාය ඇතිව රෝහල් කටයුතු පවත්වාගෙන යාමට රජය පියවර ගෙන තිබෙනවා.
     
    කෙසේවෙතත් බලධාරින් විසින් තම ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් අද දිනයේදීත් වර්ජනය ක්රියාත්මක කිරීමට තීරණය කළ බවය එම සමිති පවසනවා.

    Latest News