සෞඛ්‍ය අද Lockdown

පෙබ 13, 2024
    සෞඛ්ය වෘත්තීය සමිති 72ක් අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

    ඒ වෛද්යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්. පරිපූරක, අතුරු වෛද්ය, හෙද ඇතුළු වෛද්ය වෘත්තීය සමිති රැසක් වර්ජනයට එක්ව සිටිනවා.

    පසුගිය 7 වැනිදා මුදල් අමාත්යාංශ ලේකම්වරයා සමග අදාළ වෘත්තීය සමිති සාකච්ජාවක් පැවැත්වු අතර එහිදී කමිටුවක් පත් කෙරුණා.
     
    අදාළ වෘත්තීය සමිති ඉල්ලා සිටින දීමනාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් තීරණය කිරීමට.
     
    අනතුරුව, ඊයේ එම කමිටුව සහ වෘත්තීය සමිති පළමුවරට සාකච්ජාවක් පැවත්වුණා.
     
    එහිදී තම ඉල්ලීම්වලට සාධාරණ විසදුමක් ලබා නොදුන් බවයි, සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ සඳහන් කරන්නේ.
     
    ඒ අනුව මෙම වර්ජනය අදත් පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
     
    මේ අතර, හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා පවසනවා.

    Latest News