අපනයන කලාපයේ සේවකයින් 700ක් අදත් ගම් බිම් වෙත

මාර් 29, 2020

    කොරෝනා වෛරස ව්‍යාප්තිය අවාදනමත් සමග නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සිය ගම්බිම් කරා පිටත් කර හැරීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින හොරණ අපනයන සැකසුම් කලාපයේ සේවක සේවිකාවන් 700කට ආසන්න සංඛ්‍යාවක් ගම්බිම් කරා පිටත් කර හැරීම අද පෙරවරු 7.00ට ආරම්භ කෙරිණ. බස් රථ 23ක් මේ සඳහා යොදවා තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, යුද හමුදාව හා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග එක්ව වැඩපිළිවෙළ ක්‍රියාවට නංවයි.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 12:43

    Latest News