මැනිං වෙළඳපොළත් විෂබීජානුහරණයට 

මාර් 28, 2020

    කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය විෂබීජානුහරණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (27) සිදු කළේය.

    රට තුළ පැතිර යන ‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් රට පුරා විෂබීජහරණ වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි.

    අත්‍යාවශ්‍ය සේවාවක් වශයෙන් කොළඹ මැනිං පොදු වෙළඳපොළේ කටයුතු පවත්වාගෙන යාමට රජය විසින් තීරණය කර ඇති බැවින් එහි වෙළදාම් කටයුතු සිදු කරන සහ පිටතින් පැමිණෙන වෙළදුන්ගේ ආරක්‍ෂාව සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

    මෙහිදී වෙළඳපොළෙහි සියළුම ස්ථාන ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කෙරිණ.

     

     

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 10:21

    Latest News