ජාතික වගකීම ඉටුකරන රූපවාහිනියට විෂය භාර ඇමතිගෙන් පැසසුම්

මාර් 27, 2020

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයට පැමිණියා.

    ප්‍රවෘත්ති අංශයේ නිලධාරීන් හමුවී ඔවුන්ට පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විමසා සිටියා. දුෂ්කර අවස්ථාවේදී කැපවී ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ප්‍රසාදය හිමිවුණා. කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට හා ජන ජීවිතය යහපත් අයුරින් පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා ඇතුළු රජය ගෙනයන ක්‍රියාමාර්ග වලට උපරිමයෙන් සහය පළ කළ යුතු බවට ඔහු රූපවාහිනී ප්‍රවෘත්ති නිෂ්පාදන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා.

    ජනතාව උසි නොගන්වා, වැරදි තොරතුර පළ නොකර, ජාතික වගකීම පෙරදැරි කරගෙන ජාතික රූපවාහිනිය සිදුකරන සේවය ඇමතිතුමාගේ ඇගයීමට ලක්වුණා.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 09:44

    Latest News