ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතයි (වීඩියෝ)

මාර් 27, 2020
  • ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්වය පදනම් කරගනිමින් ජනතා පැමිණිලි බාරගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.


    රජය ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොවීම හා මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි ඊට ඉදිරිපත් කළ හැකියි.

    මහජන පැමිණිලි සඳහා 0114 354 550, 0114 354 655 දුරකථන අංක වෙන් කර තිබේ. එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ දුරකථන අංක 0112 354 354 අමතා දිගු අංක 3872, 3873, 3875 ඔස්සේ සම්බන්ධ විය හැකියි. ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතාගේ 077 3743718 අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම්දීම් සඳහා දුරකථන අංක 0112 860 003, 0112 860 004 ද විවෘතව තැබේ. 0112 354 354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද තොරතුරු ඉදිරිපත් කළ හැකියි.

    ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කෙරේ. ජනාධිපතිතුමා දෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට ද නියමිතයි.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 17:34

    Latest News