නිරෝධායනයට ලක් කෙරුණු පළමු කණ්ඩායම නිවෙස් වෙත (වීඩියෝ)

මාර් 24, 2020
  • විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු 311 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම අද (24) එම මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.

    මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට COVID-19 ලොව පුරා ව්‍යාප්තවීමෙන් අනතුරුව මෙරටට පැමිණි පිරිසයි.

    qurantine-01.jpeg

    ඒ අනුව පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන්වීමෙන් පසු පිටත්ව යනු ඇත.

    මෙම පිරිස් මහනුවර, මාතර සහ ගාල්ල දක්වා යුධ හමුදාවේ මැදිහත්විමෙන් බස් රථ මගින් රැගෙන යාමට නියමිතව ඇති බවද ඔවුන්ට අවශ්‍ය දිවා ආහාරය සහ කුඩා දරුවන්ගේ ආහාර ද යුධ හමුදාව විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

    Last modified on අඟහරුවාදා, 24 මාර්තු 2020 19:32

    Latest News