අවශ්‍යතාවට සරිලන තෙල් ගබඩාවල හා පිරවුම්හල්වල...පෝලිම් අවශ්‍ය නෑ

මාර් 22, 2020

    හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ලෙස ඛණිජ තෙල් සැපයුම කිසිඳු බාධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

    අවශ්‍යතාවට සරිලන තෙල් තොග සංස්ථාවේ ගබඩාවල පිරවුම්හල්වල පවතී.

    ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවේ සිට දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය ඛනිජ තෙල් ලබාගැනීමේ දී කලබලකාරී ලෙස හෝ පෝලිම්වල රැඳී සිටීමට අවශ්‍යතාවක් නැති බව සභාපතිවරයා දැනුම් දෙයි.

    ඇදිරි නීතිය පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා දිවයිනේ සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි පිරවුම්හල් 480ක් විවෘතව පවතී. ඒ පිළිබඳ තොරතුරු හා දුරකථන අංක සංස්ථාවේ වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

    ඛනිජ තෙල් ප්‍රවාහන හෝ බෙදා හැරීමේ ක්‍රියවලිය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා සංස්ථාවේ යන වෙඩ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකියි.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 17:59

    Latest News