QR ක්‍රමයෙන් පිට ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට නීතිය දැඩිව

අගෝ 10, 2022

    QR කේත ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    මේ වනවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි,අමාත්‍යාංශය පවසන්නේ. QR කේතය මගින් පිරවුම්හල්වලින් නිකුත් කරන සියලු ඉන්ධන තොග අදාළ මෘදුකාංගය හරහා ගණනය වේ.

    ඒ අනුව සෑම දින දෙකකට වරක්ම එක් එක් පිරවුම්වල්වලින් නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳව ලිඛිතව දැනුම්දීමක් සිදු කෙරෙන බව ද අමාත්‍යාංශය පවසයි.

    එහිදී QR කේත ක්‍රමයට බාහිරව නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳ සාධාරණ හේතු නොදැක්වුවහොත් එවැනි පිරවුම්හල්වලට සපයන ඉන්ධන ප්‍රමාණය සීමා කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    Latest News