තෙල් පෝලිම්වල සිටින අයට අද සිට කූපන් පතක්

ජූනි 27, 2022
  • පවතින සීමිත ඉන්ධන තොගය බෙදාහැරීම සඳහා පෝලිම්වල සිටින ජනතාවට කූපන් පතක් ලබාදීමේ වැඩපිළිවෙල අද (27) සිට ක්‍රියාත්මකයි. මෙහිදී ඉන්ධන ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ට අංකයක් නිකුත් කිරීම සිදුකෙරේ. ඒ අනූව, දැනට සීමිතව පවතින ඉන්ධන තොගය පිරවුම්හල්වලට ලැබුනු වහාම ඒ බව අදාළ අංකය හිමි පුද්ගලයාට දැනුම් දීමට ක්‍රමවේදයක් ද සකසා තිබේ.   

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරන්නේ,  ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මගින් මෙහි සම්බන්ධීකරණය සිදුකෙරෙන බවයි. 

    භූමිතෙල් මිල සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණ ද මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇති බැවින් භූමිතෙල් නිකුත් නොකිරීම තුළ මිල සංශෝධනයකට නොගිය බව ද අමාත්‍යවරයා පවසයි. 

    මේ අතර ඉන්ධන ආනයනය ඇතුළු තවත් සාකච්ඡා කිහිපයක් සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙක් අද රුසියාව බලා පිටත්ව යන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

    Last modified on සදුදා, 27 ජූනි 2022 10:58

    Latest News