මධ්‍යස්ථාන 22ක පුද්ගලයින් 3063ක් නිරෝධායනයට

මාර් 22, 2020

    මේ වන විට ශ්‍රි ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන 22ක් නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 3063ක් සිටින අතර ඉන් 31ක් විදේශිකයෝ වෙති.

    දැනට "කොවිඩ් 19" වෛරසය ආසාදිත රෝගීන් 77 දෙනෙකු වන අතර ඉන් 69ක් අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබයි. 4 දෙනෙක් අනුරාධපුර මහ රෝහලේ හා තිදෙනෙක් වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන්නේ අයි.ඩී.එච්. රෝහලට අමතරව නැගෙනහිර කොළඹ මුල්ලේරියාව රෝහල ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගය ඇතිව විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත "කොවිඩ් 19" ආසාධිතයන් හට ප්‍රතිකාර කිරීමට සූදානම් කර තිබෙන බවයි. 

    මීට අමතරව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් 19 ආසාධිත යැයි සැකකරන ගැබිණි මව්වරුන් සඳහා ද සොයිසා රෝහල සහ කාසල් වීදියේ කාන්තා රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ණය යටතේ ප්‍රතිකාර සිදු කරයි.

    හෝමාගම මූලික රෝහල කොවිඩ් 19 සැක කටයුතු පුද්ගලයින්ගේ ප්‍රතිකාර සදහා සූදානම් කර ඇති අතර වොයිස් ඔෆ් අමෙරිකා ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදාවේ සහය ඇතිව නවීකරණය කර "කොවිඩ් 19" වෛරසය ආසාධිතයින් සඳහා සූදානම් කරමින් පවතියි.

    එමෙන්ම වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයීය රෝහලෙහි ඇඳන් 30ක් සහිත දැඩි සත්කාර ඒකකය සූදානම් කීරමට තීරණය කර තිබේ.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 11:08

    Latest News