දඹදිව වන්දනාකරුවන් 243ක් දිවයිනට..නිරෝධායනයට ඉරණමඩු

මාර් 22, 2020

    ඊයේ රාත්‍රී ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට වන්දනාකරුවන් 243 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 196 ගුවන් යානය දිවයිනට පැමිණියේය.

    අප වාර්තාකරු සඳහන් කළේ, යුද හමුදාව බස් රථ 5ක් මගින් එම පිරිස ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි.  ඔවුන්ගේ ගමන් මලු සහ බඩුබාහිරාදිය රැගෙන යාමට විශේෂ කන්ටේනර් රථ කිහිපයක් යොදවා තිබිණ.

    ශ්‍රී ලංකාවට ගුවනින් මගීන් පැමිණීම තහනම් කර තිබුණද, දඹදිව ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය විශේෂ අවසරයක්  ලබ ාදී තිබේ. 

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 12:03

    Latest News