මගී ජනතාව කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් මගී දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ නිලධාරීන් විසින් මෙය ක්රියාත්මක කෙරිණ.
බෙලිඅත්ත, වලස්මුල්ල, තංගල්ල, වීරකැටිය, මිද්දෙණිය සහ කටුවන බස් නැවතුම්පොළවල් ඊයේ දිනයේදී විෂබීජානුහරණය කෙරිණ. එම බස් නැවතුම්පොළවල්වල නතරකර තිබූ සියළුම බස් රථ ද,මගීන් ප්රවාහනය කරන ත්රීරෝද රථ ද,බෙලිඅත්ත දුම්රිය ස්ථානයද විෂබීජානුහරණ කෙරිණි.