හම්බන්තොට වෙළෙඳසැල් 6කට නඩු

මාර් 06, 2020

    හම්බන්තොට රෝහල ඉදිරිපිට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

    තවත් වෙළඳසැල් 6කට පූර්ව නිවේදන නිකුත් කිරීමට හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඊයේ ක්‍රියා කළේය. එම කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනූවයි, වෙළෙඳසැල් පරීක්ෂා කෙරුණේ.

    රෝහල ඉදිරිපිට තාවකාලිකව තනාගත් වෙළෙඳසැල් සියල්ලම මෙසේ පරීක්ෂාවට ලක් කෙරිණ. මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් සහ නියමිත උෂ්ණත්වයෙන් තොරව අසුරා තිබූ ආහාර වෙළෙඳසැල් තුළ තිබී හමුවී තිබේ. ඒවා සියල්ලම විනාශ කිරීමට සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියා කළේය.

    Last modified on සිකුරාදා, 06 මාර්තු 2020 08:53

    Latest News