දඹදිව වන්දනාකරුවන් රැසක් යළි දිවයිනට

මාර් 19, 2020

    දඹදිව ගොස් සිටි වන්දනාකරුවන් විශාල පිරිසක් අද උදේ යළි දිවයිනට පැමිණියේය.

    රජයේ මැදිහත් වීමෙන් ඔවුන් කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. ඊයේ රාත්‍රී සහ අද පෙරවරුවේ එම පිරිස දිවයිනට පැමිණියේ, මෙරට හා ඉන්දීය ගුවන් සේවයට අයත් යානාවලින්. ඒ දිල්ලි සහ චෙන්නායි සිටයි. විවිධ රෝග ලක්ෂණ පෙන්වූ පිරිස් නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරිණ. තමන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණි පිරිස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ස්තූතිය පළ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 11:05

    Latest News