හැටන් සියළුම පාසල් විෂබීජහරණය කෙරේ

ජන 09, 2021

    2021 වසරේ පළමු පාසල් වාරය (11) දින ආරම්භ කිරිම සදහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබිජහරණයට ලක් කිරිම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් අද (09) දින ආරම්භ කරනු ලැබීය.

    පසුගිය දින කිහිපය තුලම එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් පාසලට පැමිණ පාසල් පිරිසිදු කිරිමෙන් අනතුරුවයි, හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් අද දින විෂබිජහරණය සිදු කරනු ලැබුවේ.

    පාසලට පැමිණෙන ළමුන්ට දැත් පිරිසිදු කර ගැනිම සදහා අවශ්‍ය පහසුකම් විදුහල්පතිවරයා සහ අචාර්යය මණ්ඩලය විසින් මේ වන විට සකස් කර තිබේ.

    පාසල් වාරය ආරම්භ කිරිමත් සමග දිනපතා පාසල අවසන් වීමෙන් පසු පාසල සම්පුර්ණයෙන්ම විෂබිජහරණ කරන බවයි, හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා කියා සිටියේ.

    Latest News