දිවයින පුරා පූජනීය ස්ථාන, පොදු ස්ථාන විෂබීජ හරණය කෙරේ

සැප් 06, 2021

    “සුවරක්ෂා අත්වැල” වැඩසටහන යටතේ දිවයින පුරා පූජනීය ස්ථාන, පොදු ස්ථාන විෂබීජ හරණය කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

    තරුණ එකමුතුවක් ලෙස දිවයින පුරා සමාජ සත්කාරක වැඩසටහන් රාශියක් මේ වන විටත් සිදු කර ඇති අත්වැල සංවිධානය විසින් ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ කොළඹ-ගම්පහ කොට්ඨාශ හා එක්ව කාලීන අවශ්‍යතාවය අනුව මේය ක්‍රියාත්මක කරනු ලබයි.

    ඒ යටතේ ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානය, කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යලය, සපුගස්කන්ද අබේසේකරාරාමය පුරාණ විහාරස්ථානය සහ යොෂීඩා ළදරු අධ්‍යාප ආයතනය ඇතුළු තවත් විහාරස්ථාන 10ක් අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මැතිතුමාගේ විශේෂ අධීක්ෂණය යටතේ පසුගිය සැප්තැම්බර් මස 05 වන ඉරිදා දිනයේදී විෂබීජහරණය කරන ලදී

    Latest News