මෙරටට පැමිණි සියලු විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

මාර් 18, 2020

    මේ වන විට දිවයිනට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසා කාලය ලබන අප්‍රේල් 12 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ. මාර්තු 14 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක බවයි, ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසන්නේ.

    සියලුම වර්ගයේ වීසා සදහා දින දීර්ඝ කිරීම බලපැවැත්වෙයි. වීසා දීර්ඝ කිරීමට අදාළ ගාස්තු ගෙවීම සඳහා අප්‍රේල් 8 හා 9 දෙදින වෙන් කර ඇතැයිද, ආගමන විගමන පාලක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම දිනවලින් එක් දිනකදී, බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ අදාළ ගෙවීම් සිදුකළ හැකියි. එම දිනට පෙර දිවයිනෙන් පිටත්වීමට අදහස් කරන්නේ නම්, ගුවන් තොටුපොළේ විශේෂ කාර්යාලයට අදාළ ගෙවීම් සිදු කළ යුතුයි.

    එය දඩ මුදලකට යටත් නොවන බව ද, නිවේදනයේ දැක්වෙයි. මේ වන විටත් වීසා දීර්ඝ කර ගැනීම සඳහා අයඳුම් කර ඇත්නම් ඒ වෙනුවෙන් නිකුත් කළ රිසිට් පත්‍රය අප්‍රේල් 12 වැනිදා තෙක් වලංගු ලේඛනයක් ලෙස පිළිගන්නා බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි. යම් ගැටලුවක් ඇත්න්ම 077-1588724/077 දුරකථන අංකයෙන් විමසීම් කළ හැකියි.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 07:37

    Latest News