ශ්‍රි ලංකන් ගුවන් නියමුවා සමග සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් ස්වංය නිරෝධායනයකට

මාර් 17, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියාසර නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඔහු සමඟ ගුවන් ගමන් සඳහා එක්වූ සියලුම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්, ඔවුන්ගේ කාලසටහන් වලින් ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දී තිබේ.

    එයාර්ලයින්ස් සමූහයේ ආයතනික වෛද්‍ය නිලධාරීතුමිය රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ තත්ත්වය හොඳින් පරීක්ෂා කරමින් සිටින බවයි, ශ්‍රී ලංකා ගුවන් සමාගම නිවේදනය කරන්නේ.

    ඔහු සති අන්තයේ (2020 මාර්තු 14, 15) සිමියුලේටර් පුහුණු මධ්‍යස්ථානයේ සිට ඇති අතර ඒ පිළිබඳව එහි සිටි උපදේශකවරුන්ට සහ සෙසු කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් දී ඇත.

    නිසි විෂබීජ නාශක ක්‍රියාවලියක් සිදු කරන තෙක් එම ගුවන් යානා පුහුණු මධ්‍යස්ථානයේ ඇති සිමියුලේටර් අංගනයේ සියලුම පුහුණු කටයුතු නවතා දැමීමට කටයුතු යොදා තිබේ.

    සිය වටිනා මගීන්ට සුවපහසුව, රැකවරණය සහ ආරක්ෂාව සැපයීමේ ප්‍රමුඛතාවය සපුරාලීම සඳහා සහ සිය ශ්‍රම බලකායේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සියළුම පූර්වාරක්ෂක පියවර ගැනීමට ගුවන් සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමගාම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    අදාළ පළමු පියාසර නිලධාරියා සිය අවසන් දිගු මෙහෙයුම් පියාසැරිය සිංගප්පූරුව වෙත ගොස් ඇත්තේ පෙබරවාරි මස 28 වැනි දින වන අතර ඉන්පසුව ඔහු ක්‍රියාත්මක කළ සියලුම ගුවන් ගමන් ආපසු හරවා නැවත පැමිණීමේ ගුවන් ගමන් වේ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 13:54

    Latest News