මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් අද නාමයෝජනා

මාර් 17, 2020

    එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක කිහිපයකට අද නාම යෝජනා භාර දුන්නේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍රය කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා වෙත භාර දෙනු ලැබීය. ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍රය පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා වෙත භාර දෙනු ලැබීය. සිරිපාල ගම්ලත් හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ද, මේ අවස්ථාවට එක්ව සිටියේය.

    කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍රය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වෙත භාර දෙනු ලැබුවේ, කණ්ඩායම් නායක කනක හේරත් මහතා විසින්. ඊට අපේක්ෂකයින් 12 දෙනෙකු ඇතුළත්.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 12:52

    Latest News