වෙද පප්පාට හඩ කැවූ ප්‍රවීන හඩකැවීම් ශිල්පී උලපනේ මහතා මියයයි

මාර් 11, 2020
    ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී, රූපවාහිනී හඬකැවීම් ශිල්පී, උලප⁣නේ ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.
    දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතය. 
    ශ්‍රී ලාංකික ලොකු කුඩා කා අතරත් ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ සූර පප්පා කාටූන් එකේ වෙද පප්පා, මණ්ඩුක භවන කාටූනයේ මහතුන් , පැංචා කාටූනයේ වලස් රාල ,අපි රජ ඉබ්බෝ කාටූනයේ මාස්ටර් චරිතයට මෙන්ම බොහෝ කාටුන් නිර්මාණ සදහා ද ඒ මහතාගේ හඩ ලබා දී ඇත.
     
    Last modified on බදාදා, 11 මාර්තු 2020 08:02

    Latest News