ලෝක ප්‍රකට ගායක කෙනී රොජර්ස් මිය යයි

මාර් 21, 2020

    ලෝක ප්‍රකට ගායකයෙකු වූ කෙනී රොජර්ස් මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 81 වැනි වියේ පසුවිය. The gambler, lady, Islands in the stream, Lucille, she Believes in me, Through the years යනාදී ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කරනු ලැබීය.

    1938 අගොස්තු 21 වැනිදා අමෙරිකාවේ,ටෙක්සාස්හි,හූස්ටන් නගරයේ උපන් ඔහු country music ධාරාවේ නොමැකෙන සටහනක් තැබූ ගායකයෙකි. ගායනයට අමතරව ගිටාර් ඇතුළු වාදන භාණ්ඩ රැසක වාදනයට නිපුණත්වයක් තිබූ කෙනී රොජර්ස් 70 හා 80 දශකයේ ලෝකයේ ජනප්‍රියතම ගායකයන් අතලොස්සකගෙන් කෙනෙකි.

    ඔහු තුන් වරක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබූ අතර ලොව රටවල් කිහිපයක විශේෂිත සම්මාන කිහිපයකට ද පාත්‍ර වී තිබේ.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 15:43

    Latest News