2020 තාක්ෂණික හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය අද විවෘත වෙයි

මාර් 11, 2020

    ඉනෝටෙක් - 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය අද ආරම්භ කෙරේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය හා රාජ්‍ය පර්යේෂණ ආයතන,විශ්වවිද්‍යාල හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධාන කෙරෙන වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය මෙයයි.

    අද ආරම්භ වන ප්‍රදර්ශනය ලබන 14 දක්වා හෝමාගම පිටිපන අධි තාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේ දී පැවැත්වෙයි. සමාජයේ සියලු ස්ථරයන්හි විද්‍යා හා තාක්ෂණ සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීමත්, රාජ්‍ය පර්යේෂණ ආයතනයන්හි සහ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ සහ සංවර්ධන අංශවල පර්යේෂණ හරහා බිහිවන නව දැනුම හා සොයාගැනීම අරමුණු කරගනිමින් ප්‍රදර්ශනය පැවැත්වේ.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 13:52

    Latest News