'අපි වෙනුවෙන් අපි' රණවිරු සුබසාධනය යළිත්

මාර් 08, 2020

    අපි වෙනුවෙන් අපි රණවිරු සුබසාධන වැඩසටහන යළි ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව කියා සිටියේ කලුතර දිස්ත්‍රික් රණවිරු සේවයට ඊයේ එක්වෙමින්.

    යුද්ධයෙන් මියගිය, ආබාධිත හා අතුරුදන්වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ගැටලු හඳුනා ගැනීම වෙනුවෙන් ජංගම සේවය සංවිධාන කර තිබිණ. එය පැවැත්වුණේ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී. ජංගම සේවය සංවිධාන කරනු ලැබුවේ, රණවිරු සේවා අධිකාරිය විසින්. රණවිරු සුබසාධනය වෙනුවෙන් රජය කැපවී ක්‍රියා කරන බවයි, ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 12:32

    Latest News