හම්බන්තොට රෝහල් පරිශ්‍රයටත් හෙල බොජුන්හලක්

මාර් 08, 2020

    හම්බන්තොට නව මහරෝහල පරිශ්‍රයේ ස්ථාපනය කළ හෙල බොජුන්හල ඊයේ විවෘත කෙරිණ.

    ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලය මගින් හෙල බොජුන්හල මෙහෙයවනු ලැබීය. දේශීය කෘෂිකාර්මික අමුද්‍රව්‍ය හා ප්‍රාදේශීය ගොවීන් වගා කරන වසවිය නැති එළවලු,පළතුරු ආහාර හා කැඳ වර්ග එම ස්ථානයෙන් ලබා ගත හැකියි. දේශීය ආහාර සංකල්පය සමග ජනතාව නැවතත් බද්ධ කිරීම තුළින්, එම ආහාර ප්‍රචලිත කිරීම හෙළ බොජුන්හල ස්ථාපනය කිරීමේ අරමුණ බවයි, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 10:38

    Latest News