දියතරිප්පු කණ්ණාඩි ළඟදීම වෙළෙඳපොළට

මාර් 02, 2020

    පාරම්පරික කර්මාන්තයක් වන දියතරිප්පු කණ්ණාඩි ඉදිරියේ දී වෙළෙඳපොළට නිකුත් කිරීමට ක්‍රියාකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ සංවර්ධනය කෙරුණු එම කර්මාන්ත ශාලාවක් පිළිමතලාව, කහඹේ ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. දියතරිප්පු කණ්ණාඩි නිෂ්පාදනය ඈත අතීතයේ සිටම පැවත එන පාරම්පරික කර්මාන්තයක්. එම කණ්ණාඩි නිෂ්පාදනය කරනු ලබන්නේ පාෂාන විශේෂයකින්.

    අභාවයට යමින් පවතින මෙම කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණෙන් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පියවර ගත් බවයි, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 09:34

    Latest News