ස්ටැඩන් වත්තේ ගින්න උඩරට දුම්රිය මාර්ගය අසළටම

මාර් 02, 2020

    උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් දුම්රිය වගා රක්ෂිතයක ඊයේ (01) පස්වරුවේ ගින්නක් හට ගැනිණ.

    ගින්නෙන් අක්කර 50 පමණ කොටසක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. හැටන් ස්ටැඩන් වතු යාය මඟින් එම රක්ෂිතයේ යුකෙලෙප්ස්ටික් වන වගාවක් සිදු කර තිබු අතර, කිසියම් පිරිසක් විසින් ඊයේ පස්වරු 4.00ට පමණ වන වගා රක්ෂිතයට ගිනි තබා තිබේ.

    ඊයේ පස්වරුවේ සිට අද අලුයම තෙක් ගින්න පැතිර ගිය අතර, ගින්න උඩරට දුම්රිය මාර්ගය ආසන්නයටද පැතිර ගොස් තිබුණි. අලුයම් කාලයේ හැටන් ප්‍රදේශයට පැමිණි අධික පිණි සහිත සිතල කාලගුණයත් සමඟ පැතිර ගිය ගින්න නිවි ගොස් ඇත.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස තුනක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් විසින් කඳුකරයේ රක්ෂිත ගණනාවකට ගිනි තබා මේ වන විට විශාල පරිසර හානියක් සිදු කර තිබේ.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 10:35

    Latest News