වැල්ලවායේ නිවසක් අසළින් ජීව අත්බෝම්බයක්

මාර් 02, 2020

    වැල්ලවාය,රන්දෙනි,ගොඩයාය ප්‍රදේශයේ නිවසක් අසළ තිබී ජීව අත්බෝම්බයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    පොලිස් හදිසී ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව මෙය සොයා ගැනිණ. චීනයේ නිෂ්පාදනය කර ඇති මෙම අත්බෝම්බය ඒ 4100වර්ගයේ අත් බෝම්බයක් බව වැල්ලවාය පොලිසිය පවසයි.
    එය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කරන බවයි වැල්ලවාය පොලීසිය ප්‍රකාශ කළේ.

    Last modified on සදුදා, 02 මාර්තු 2020 07:21

    Latest News