දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගනී

මාර් 01, 2020

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දී අධි සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

    ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවටයි සැක කෙරෙන්නේ. මෙසේ ගිනිගෙන ඇත්තේ කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක්. ඒ අද (01) සවස 4.30ට පමණ. අධිවේගී මාර්ගයේ ඉමදූව, කොක්මාදූව අතර 112 කිලෝ මීටර් කණුව ආසන්න ප්‍රදේශයේ දී අනතුර සිදුව තිබෙනවා. ඉන් මගීන්ට හානියක් නොමැති බවයි, පොලිසිය පවසන්නේ. ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

    Latest News