ඊයේ රත්මලානේ දුම්රිය ස්ථානයේ කලබල කළ 4ක් අත්අඩංගුවට

ඔක් 28, 2022
  • රත්මලාන දුම්රිය ස්ථානයේ ඊයේ කළහකාරී ලෙස හැසුරුණු පුද්ගලයින්‌ හතර දෙනෙකු ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ සවස රත්මලාන දුම්රිය ස්ථානයෙන්‌ පස්වරු 5.50 ට අලුත්ගම බලා ධාවනය වන දුම්රිය නියමිත වෙලාවට දුම්රිය ස්ථානයට ළඟා වුවත්‌ , රත්මලාන හා අඟුලාන අතර දුම්රිය මාර්ගයේ රේල්‌ පීල්ලක්‌ කැඩී තිබීම නිසා රත්මලාන දුම්රිය ස්ථානයෙන්‌ ඉදිරියට යාමට නොහැකිව රත්මලාන දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුවී තිබෙනවා.

    ඒ අතර විදුලි බලය ඇණනිටිම නිසා ශබ්ද විකාශන යන්ත්‍ර මගින්‌ ජනතාව දැනුවත්‌ කිරීමට ද නොහැකිව සේවකයන්‌ ඒ පිළිබඳව දැනුවත්‌ කිරීමේ යෙ දී තිබෙනවා.

    එමෙන්ම කොළඹ දෙසට ධාවනය කරන දුම්රිය මාර්ගය භාවිත කරමින්‌ දුම්රිය ස්ථානාධිපතිවරයා ගාල්ල දෙසට දුම්රිය ධාවනය කිරීමට කටයුතු සංවිධානය කර තිබුනත්‌ ඒ පිළිබඳව දැනුමක්‌ නොවුණු පිරිසක්‌ දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට තර්ජනය කරමින්‌ කලාකාර ලෙස හැසිරී තිබෙනවා.

    ඒ අතර මෙම දුම්රිය ධාවනය නොකිරීම සම්බන්ධයෙන්‌ කුපිත වූ මගීන්‌ පිරිසක්‌ දුම්රිය
    ස්ථානාධිපතිවරයාගේ කාමරයට කඩාවැදී කෑ කෝ ගසමින්‌ එහි දේපළවලට අලාභ හානි සිදුකර තිබෙනවා. පසුව දුම්රිය ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන්‌ ගල්කිස්ස පොලිස්‌ ස්ථානයට දැනුම්‌ කිරීම සිදුකර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන්‌ ගල්කිස්ස පොලිසිය විසින්‌ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන්‌ හතරදෙනෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා.

    Latest News