සභාපති හිමි ඇතුළු අන්තරේ 20ක් අත්අඩංගුවට

මාර් 01, 2020

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විසින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදුකළ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් හිමිවරුන් දෙදෙනෙක් ඇතුළු ශිෂ්‍යයන් විසි දෙදෙනෙක් අද උදෑසන අත්අඩංගුවට ගැනිණ. ඒ බොරැල්ල පොලීසිය විසින්.

    අත්අඩංගුවට ගත් පිරිස අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වල සිරිධම්ම හිමියන් ද වෙයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඉකුත් 27 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. ඒ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. සත්‍යග්‍රහය නවත්වන ලෙස කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබිණ. එම නියෝගය කඩකිරීම හේතුවෙන් මෙම පිිරිස අද අත්අඩංගුවට ගැනුණේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.

    ඊයේ දිනයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද එම ස්ථානයට ගොස් එම පිරිස හමුවේ කියා සිටියේ අධිකරණ නියෝගයට හිස නමා එම ස්ථානයෙන් ඉවත්වන ලෙසයි.

    Latest News