කළුතරට තවත් මාර්ග සංවර්ධනය ව්‍යාපෘතියක්

ජූලි 16, 2021

    මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මාර්ග රැසක් වැඩි දියුණු කෙරෙමින් පවතියි. එහිදී ග්‍රාමීය මාර්ග සඳහා හිමිවන්නේ, ප්‍රමුඛස්ථානයක්.

    කළුතර නගර සභා සීමා බල ප්‍රදේශයේ කළුතර - උතුර ෆොන්සේකා පාර සංවර්ධනය ද මීට ඇතුළත්. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ උපදෙස් අනූවයි. මාර්ගය සංවර්ධනය කෙරෙන දුර ප්‍රමාණය මීටර 400ක්.

    රුපියල් 40 ලක්ෂයක් ඊට වෙන්කර තිබේ. අප වාර්තාකරු පවසන්නේ, ව්‍යාපෘතිය නිමා වීමෙන් පසු ප්‍රදේශයේ පවුල් 500කට පමණ සෙත සැලසෙන බවයි.

    මේ ව්‍යාපෘතියත් සමග කළුතර - උතුර සංචාරක ප්‍රදේශයේ මාර්ග 90%ක්ම සංවර්ධනය අවසන් බව ද ඔහු ප්‍රකාශ කරයි.

    Latest News