කලුතර ආපනශාලා 10කට නඩු

දෙසැ 14, 2018

    කලුතර නගරයේ ආපන ශාලා 10කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

    ඒ නගරයේ ආපන ශාලා හා ආහාර අලෙවි සැල් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ කලුතර නගර සභාව එක්ව නගරයේ ආපන ශාලා, බේකරි ඇතුළු ආහාර අලෙවි කරන ස්ථාන ඊයේ පරීක්ෂා කෙරිණ. ඒ, ලබන 16 දක්වා ක්‍රියාමාර්ග ජාතික ආහාර සුරක්ෂිතතා සතියට සමගාමීවටයි. එය ක්‍රියාත්මක කෙරේන්නේ, උත්සව සමයේ දී පාරිභෝගිකයින්ට ප්‍රමිතියෙන් යුත් ආහාර ලබාදීමේ අරමුණෙන්. නගරයේ අවන්හල් හා මුළුතැන්ගෙවල්, විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණ. ආහාර පිසීමට ගන්නා අමුද්‍රව්‍ය අතර, ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක් එහි දී මහජන පරීක්ෂකවරු බාරයට ගත්හ.

    පිසූ ආහාර අපිරිසිදු ලෙස පොලිතින් ඇසුරුම්වල දමා තිබිය දී, සොයාගැනීමට හැකිවිය. ආපන ශාලා සේවකයින්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂාවට ලක් කළ බලධාරීන්, ඔවුන්ට උපදෙස් ලබා දුන්නේය. තවත් වෙළෙඳසැල් රැසක හිමිකරුවන්ට තරයේ අවවාද කෙරිණ. නීති විරෝධී ආහාර අලෙවිකරන වෙළෙඳසැල් සොයා වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Latest News