අගමැති ධුරය; අතුරු තහනමට එරෙහි පෙත්සම් විභාය ඇරඹේ

දෙසැ 14, 2018

    update

    අගමැතිවරයාට හා ඇමති මණ්ඩලයට එරෙහි නිකුත් කළ අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේ පෙත්සම්කාර පාර්ශවයේ මුලික කරුණු දැක්වීම මේ වන විට අවසන් කර තිබේ.

    අතර වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් මේ වන විට ජනාධිපති නීතීඥ කනගේෂ්වරන් මහතා මේ වන විට කරුණු දැක්වීම ආරම්භ කර තිබෙනවා.

    ඒ අනූව, ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණී මාරපන, සංජීව ජයවර්ධන, මනෝහර ද සිල්වා, අලීෂබ්රි, කුෂාන්ත ඩී අල්විස් යන ජනාධිපති නීතීඥවරුන් විසින් කරුණු දැක්වීම මේ වන විට අවසන් විය.

    update

    අගමැතිවරයාට හා ඇමති මණ්ඩලයට එරෙහි නිකුත් කළ අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේ කරුණු විමසීම ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ හා විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරුවරුන් හමුවේ විමසා බැලීම මේ වන විට ආරම්භ වී තිබේ.

    (2018.12.14 - 7.30)

    අගමැතිවරයාට හා ඇමති මණ්ඩලයට එරෙහි නිකුත් කළ අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේ කරුණු විමසීම බැලීම අද (14) සිදු කිරීමට නියමිතයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයට සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් අභියාචනය ඉදිරිපත් කරනු ලැබිණ.

    වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122 ක් නම් කර තිබේ.

    තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටියි. මෙවැනි නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

    මෙම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා අභියාචනාධිකරණය විසින් පසුගියදා (03) නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශව සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    මෙම විශේෂ අභියාචනා පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් වී තිබේ. 

    පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  122 දෙනා අතුරින්  පළවන පෙත්සම්කරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මෝසම ගොනු කර තිබේ.
    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 14:34

    Latest News