ආණ්ඩුවෙන් බැහැල යන්න සුදානම් ගම්මන්පිල කියයි

දෙසැ 13, 2018

    ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද පස්වරුවේ කියා සිටියා.

    ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී ඇති බවයි. උදය ගම්මන්පිල මහතා මෙලෙස කියා සිටියේ නඩු තීන්දුවෙන් පසු අධිකරණයේ දී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    උදය ගම්මන්පිල මහතා - “ ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා. එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි කර පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නය අද මතුවෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරය බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා යැයි ඔහු කියා සිටියේය.

    Latest News