ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන ඇරඹේ

පෙබ 19, 2020

    ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කෙරෙන ජාතික වැඩසහන අද සිට ක්‍රියාත්මකයි.

    සමාරම්භක උත්සවය ගම්පොළ දී පැවැත්වීමට නියමිතයි. රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනූව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇති. ග්‍රාමීය ජනතාවට ප්‍රධාන මාර්ග ජාලයට ප්‍රවේශවීම සඳහා එමගින් හැකිවනු ඇති. ග්‍රාමීය නිෂ්පාදන කඩිනමින් වෙළෙඳපොළට යොමු කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ඉන් සැලසේ. මාර්ග තදබදයට එමගින් විසඳුමක් ලැබෙනු ඇති බවයි මාර්ග හා මහා මාර්ග අමාත්‍යාංශය පවසන්නේ. මාර්ග ආශ්‍රිත සෙසු යටිතල පහසුකම් ද සංවර්ධනය කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 10:45

    Latest News