නුවරඑළියෙන් දිනක් වයසැති බිළිඳු මළ සිරුරු දෙකක්

පෙබ 19, 2020
    දිනක් පමණ වයසැති ගැහැණු බිළිඳු මළ සිරුරු දෙකක් නුවරඑළිය පොලිස් වසමේ නේස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 හි තිබී හමුව ඇත.
    ඊයේ(18) දින උදෑසන 9.05ට පමණ 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් නුවරඑළිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
    මෙම බිළිඳු මළ සිරුරු සම්බන්ධයෙන් නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත් තුමිය විසින් එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ එම ස්ථානයේ තිබු තවත් පාර්සලයක් විවෘත කර බැලීමේ දී එම පාර්සලය තුළ දිනක් පමණ වයසැති තවත් ගැහුණු බිළිඳු මළ සිරුරක් තිබී හමුව ඇත.
    ඒ අනුව බිළිඳු මළ සිරුරු දෙක හඳුනා ගෙන නොමැති බැවින් දින 14 කින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත්වරිය  විසින් නියෝග කර තිබේ. එතෙක් මෘත දේහයන් නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට නියෝග කර ඇත. නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 09:13

    Latest News