වැල්ලවාය වැලි ජාවාරමක් හෙළිවෙයි

පෙබ 19, 2020

    වැල්ලවාය, අලිකොට ආර ජලාශයේ ඇළ මාර්ගයක දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණයේ වැලි ජාවාරමක් වටලා ට්‍රැක්ටර් රථයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින්. සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ප්‍රදේශයේ වැලි ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

    සැකකරු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 හැවිරිදි පුද්ගලයෙක්.වැලිපැටවීම සදහා යොදාගත් උපකරණ සහ ට්‍රැක්ටර් රථයක් ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගැනිණ. සැකකරු අද (19) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 12:13

    Latest News