පුත්තලම වී මිලදී ගැනීම ඇරඹේ

පෙබ 17, 2020

    පුත්තලම දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම ඊයේ තබ්බෝව ප්‍රදේශයෙන් ආරම්භ විය. වියළි වී කිලෝවක් මිලදී ගැනෙන්නේ,රුපියල් 50කටයි.

    තෙතමනය 14% සිට 22% දක්වා වූ විට වී කිලෝවක් රුපියල් 44ක මුදලකට මිලදී ගැනේ. සුළු හා මධ්‍ය පරිමාණ මෝලි හිමියන් හා සමූපකාර සමිති මගින් වී මිලදී ගැනීම සිදු කෙරේ.
    මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක වෙයි. රජය එහි මුල් අදියර වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 383ක්.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 08:30

    Latest News