බලපිටියේ වෙඩි තැබීමක්

පෙබ 17, 2020

    අහුංගල්ල,වැලිවතුගොඩ,බලපිටිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබේ.

    තුවාලකරු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. 36 හැවිරිදි ඔහු වැලිවතුගොඩ,බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර අහුංගල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 09:36

    Latest News