එප්පාවල පොස්පේට් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර

පෙබ 16, 2020

    රටේ පොහොර අවශ්‍යතාවයට සරිලන පරිදි එප්පාවල පොස්පේට් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ එම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණයකට ඊයේ එක්වෙමින්.

    ලංකා පොස්පේට් සමාගමේ අයිතිය 100% ක් රජය සතුව තබා ගනිමින්, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර සමාගමක් යටතේ නව තාක්ෂණය ද යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ පොහොර අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි තත්වයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සේවක පිරිසගේ ද පූර්ණ සහයෝගය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

    එහි සේවකයන්ගේ හා කර්මාන්ත ශාලාවේ පවතින අඩුපාඩු පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සොයා බැලීය. ඒවා කඩිනමින් විසඳීමට ක්‍රියාකරන බවයි, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. එසේම, රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි මැදිහත්වීමෙන් කර්මාන්ත ශාලාව දියුණු කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 12:29

    Latest News