මෙරට අමෙරිකානු තානාපතිනියට විදේශ අමාත්‍යාංශයෙන් කැඳවීමක්

පෙබ 16, 2020

    යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත අමෙරිකාව පනවා ඇති සංචාරක තහනම පිළිබඳව කරුණු විමසීමට මෙරට අමෙරිකානු තානාපතිවරිය විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා තිබේ.

    එහිදී ඇය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතයි. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත සංචාරක සීමාවන් පැනවීමට අමෙරිකාව පියවර ගැනිණ.

    ඊට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැඩි විරෝධය පළකර සිටියි. අමෙරිකානු තීරණය පිළිබඳ රජයේ විරෝධය පළකිරීම හා වැඩිදුරටත් කරුණු විමසීමේ අරමුණින් මෙරට අමෙරිකානු තානාපති අලෙයිනා බී ටෙස්ලිට්ස් මහත්මිය අද විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා ඇති බව එම අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහා කළේය. අමෙරිකානු තානාපතිවරිය දහවල් 12.00ට පමණ එම අමාත්‍යාංශයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 11:43

    Latest News