මාතලේ අවට තරුණයින්ට හොරොයින් බෙදූ 15ක් අත්අඩංගුවට

පෙබ 16, 2020

    මාතලේ, මහවෙල ප්‍රදේශයේ දී හෙරොයින් පැකට් 78ක් සමඟ පුද්ගලයන් නව දෙනකු සැකපිට 15 දින අත්අඩංගුවට ගෙන තිබේ.

    මහවෙල, අකුරම්බඩ ,කොස්වත්ත, නාගහමුල්ල, නැමැති ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල තරුණයන් හට මෙම මත්කුඩු අලෙවි කොට ඔවුන් මත්කුඩුවලට හුරු කිරීමේ ක්‍රියාවලියක යෙදෙන බවට ලද තොරතුරක් මත මහවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වෙස් වලාගෙන ගොස් මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් තරුණියන් නව දෙනාගෙන් තුන් දෙනකු මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක ක්‍රියාත්මක කොට තිබෙන බවත් සෙසු පුද්ගලයන් මත්කුඩු පානය කිරීම සඳහා මිලදී ගැන තිබූ බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කැළණිය ප්‍රදේශයේ ස්ථානයකින් තොග වශයෙන් මෙම මත්කුඩු මහවෙල ප්‍රදේශයට ගෙනැවිත් ඉතා සූක්ෂම ලෙස ග්‍රාමීය තරුණයන් මත්කුඩු වලට හුරු කර අලෙවි කිරීම සිදු කරගෙන ගොස් තිබේ.

    රුපියල් 16000 කට මිලදී ගන්නා මත්කුඩු පැකට්ටුවක් ග්‍රාමීය ප්‍රදේශ වලට රැගෙන විත් නැවත පැකට් කොට රුපියල් 55,000 කට අලෙවි කිරීම සිදුකරන බවයි, ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ.

    ප්‍රදේශයේ හොරකම් රැසක් සිදුව තිබෙන බවත් ඒවාට හේතු පාදක වී ඇති මෙම කණ්ඩායම බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මහවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි.ජී.එස්.ආර්.සංජීව මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 16 පෙබරවාරි 2020 08:02

    Latest News