බෞද්ධයා නාලිකාව ඩිජිටල්කරණය ජනපති ප්‍රධානත්වයෙන්

පෙබ 16, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී සේවාව වන බෞද්ධයා නාලිකාව ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ සිදු විය.


    ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කරමින් මහා ඖෂධ පූජාවක් ද මේ හා සමගාමීව සංවිධානය කර තිබිණ.

    විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැඳ පුදා ගත්තේය. අනතුරුව එතුමා ආගමික වතාවත්වලට එක් වූ අතර ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ පුජ්‍ය බොරලන්දේ වජිරඤාණ නායක ස්වාමින් වහන්සේ ආගමික වතාවක් මෙහෙයවූහ.

    විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවට ද ජනාධිපතිතුමා එක් විය. එතුමා දහම් පාසලේ දක්ෂතා පළ කළ සිසුනට තිළිණ ප්‍රදානය කළේය.

    බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත,ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා,රාජ්‍යය අමාත්‍ය,තිලංග සුමතිපාල, හිටපු කතානායක වි.ජ.මු ලොකුබණ්ඩාර, හිටපු අමාත්‍ය, විජයදාස රාජපක්ෂ, හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News