වගකීම වෙනුවෙන් කැපවී අපට අහිමි වූ ජාතික රූපවාහිනියේ සහෝදරයින් (වීඩියෝ)

පෙබ 15, 2020
  • සතුට වගේම දුක, අවදානම රැඳුණු තැන්වල ජාතික රූපවාහිනිය තම වගකීම ඉටු කළා.

    මේ, ඒ වගකීම වෙනුවෙන් කැපවී අපට අහිමි වූ ජාතික රූපවාහිනියේ නිලධාරීන් පිරිසක් පිළිබඳවයි.

    දිනය; 1987 ඔක්තෝබර් 05
    ස්ථානය; යාපනය, පලාලි, වාසවිලාන්
    වේලාව; රාත්‍රී 7.15 පසුවී.

    උතුරේ රූපවාහිනී විකාශන කටයුක්තක් ඇරඹීම සඳහා රූපවාහිනී සංස්ථාවේ, 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාපනයට ගොස් සිටියා. දිනයේ රාජකාරී නිමවීමෙන් පසු තමන් සමඟ සිටි යාපනයේ පදිංචි එක් සහෝදර නිලධාරියෙකු නිවසට ඇරලවා යළි පැමිණෙමින් සිටියදී, ඔවුන් ගමන් ගත් වෑන් රථය සමඟ සිව් දෙනෙකු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණා. ඒ, රේණුක අත්තනායක, ගාමිණි ජයන්ත, නිලන්ත ගුණවර්ධන, එම්. කරුණාපාල යන නිලධාරීන්. ඔවුන්, යළි පැමිණියේ නැහැ. ජාතික රූපවාහිනියේ සේවය වෙනුවෙන් කැපවූ ඔවුන් අප අද දිනයේ සිහිපත් කරන්නේ, කෘතවේදීවයි.

    Last modified on සෙනසුරාදා, 15 පෙබරවාරි 2020 20:33

    Latest News