ඉන්දියානු සාගරයේ භූ චලනයක්..ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැත

පෙබ 12, 2020

    අද අලුයම ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරු ඉන්දීය සාගරයේ භූ කම්පනයක් සිදුවිය.

    එය රිච්ටර් පරිමාණයේ සටහන් වුණේ ඒකක 5.4ක් ලෙසයි. අලුයම 2.34ට භූ කම්පනය ඇතිවී තිබේ. එහි චලනය ගාල්ල,මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. කෙසේ වුවද, කම්පනයෙන් ශ්‍රී ලංකාවට හෝ වෙනත් කිසිඳු රටකට බලපෑමක් සිදුවී නොමැත.

    ගොඩබිම සිට කිලෝමීටර 10ක් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ භූ චලනය සිදුව ඇති බවයි, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    Tsunami

    Tsunami2

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 07:57

    Latest News