ඉදිරියේදී වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

පෙබ 12, 2020

    වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද,මධ්‍යම සහ වයඹ පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 07:47

    Latest News